උතුරේ ඉඩම් නිදහස් සිදුකිරීම ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ අදහස් අනුව සිදුකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23දා) පදවිය වෙහෙරගල රජමහා විහාරයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුවයි.
එහිදි මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අදහස් දැක්වු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසුවේ වත්මන් ආණ්ඩුව රණවිරු දඬුවමක් සිදුකරන බවට ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනා තමන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.
පසුගිය සමයේ සිදුවු යම් අපරාධ සම්බන්ධව පොලිස් පරික්ෂණ හා අධිකරණ ක්‍රියාවලීන් මඟින් නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් සිදුවී ඇති බව පෙන්වා දුන් ඒ මහතා අධිකරණ තීන්දු සම්බන්ධව තවදුරටත් විසදුම් ලබා ගැනීම සඳහා අධිකරණ ක්‍රියාවලිය තුළම ඉඩකඩ පවතින බවද පැවසීය.