මෙරට ඉංග්‍රීසි ඒජන්තයින් සමග රාජකාරි කල ,දැනට ජීවතුන් අතර සිටි,එකම සහ අවසන් වෙල් මුලාදෑනියා බව කියන කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචි එම්.ඩබ්.මුදියන්සේ ( 106) මහතා අද(31දා) දිවියෙන් සමුගත් බව කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
ඒ මහතාගේ දේහය ගිරිල්ල. නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු හෙට (01දා) සවස ගිරිල්ල පොදු සුසාන භූමියේ දී සවස 4.00 ට සිදු කෙරේ.
කොටවෙහෙර, ගිරිල්ල ප්‍රදේශයේ පදිංචි,සිවු දරු පියෙකු වන එම්.ඩබ්.මුදියන්සේ මහතා , මිය යන තුරුම ඉතා හොඳ යහපත් සෞඛ්‍ය තත්වයෙන් හා මතක ශක්තියකින්ද සිටි අතර අතීත රාජකාරි මතක සංසිද්ධින්ද ආවර්ජනය කිරීමේ හැකියාවද තිබු බවද ලේකම් කාර්යාලය සඳහන් කරයි .
කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිරන්තර මුදියන්සේ මහතා ගැන සොයා බලමින් ,හෙතෙම ඇගයීමට ලක් කරමින් ,සුව දුක් විමසමින් ,ඒ මහතාට ලබා දෙන මාසික දීමනාවද නිවසටම ගොස් ලබා දීමටද පියවර ගෙන තිබු බවද ලේකම් කාර්යාලය පැවසිය.
එම්.ඩබ්.මුදියන්සේ මහතා සිය 106 වන උපන් දිනය සැමරූ ඉකුත් ජනවාරි 07 දිනද , ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් තෑගි බෝගද රැගෙන ඒ මහතාගේ නිවසට ගොස් සුහද පිළිසඳරකද යෙදුන අතර මුදියන්සේ මහතා අතීත කවි ගී ගායනා කරමින් නිලධාරීන්ද සතුටට පත් කල බවද ලේකම් කාර්යාල සංස්කෘතික නිලධාරී සී.රත්නමලල මහතා සඳහන් කළේය.
නිකවැරටිය ප්‍රියානි මංගලිකා