ඇහැළියගොඩ ස්ථානාධිපතිගේ හා පොලිස් පරීක්ෂකවරයෙකුගේ සේවය අත්හිටුවයි
පතලකින් අස්ථානගත වු මැනික් ගලක් සම්බන්ධයෙන් පුද්ගලයකු කල පැමිණිල්ලකට අනුව, එම පැමිනිල්ලේ සත්‍යතාව අනාවරණය කරගැනිමෙන් තොරව,පැමිනිල්ලකල පුද්ගලයාට පක්ෂපාතිව,විමර්ශණය නිත්‍යානුකුලව සිදු නොකර, පුද්ගලයින් දෙදනෙකුට පහරදී, ඔවුන්ගෙන් එක් පුද්ගලයකු සතු මුදල් කොල්ල කා, අනෙකා අයුතු ලෙස සිරකර තබාගැනිම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ප්‍රේමලාල්, හා එවකට ඇහැලියගොඩ පොලිසියට අනුයුක්තව සේවයකල පොලිස් පරික්ෂ නයනජිත් ඒකනායක යන නිළධාරින් දෙපල 2026.06.09 දින සිට ක්‍රියාත්මක වන පිරිදි පොලිස්පතිවරයා විසින් වැඩතහනමකට ලක්කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ස්ථානාධිපතිවරයා 2026.06.03 දින ඇහැලියගොඩ පොලිසිය තුලදී රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබු අතර,අනෙක් සැකකාර පොලිස් පරික්ෂකවරයා ඉකුත් 08 දින, රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයට පැමිණ, භාරවිමෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි.
ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙපලක් වන එච්.එම්.එම්.එස් චතුරංග බන්ඩාර,හා මුසාර් හසන් යන දෙදනා පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කර තිබු පැමිණිල්ලකට අනුව, පොලිස් කොමිසම සිදුකල දැනුම්දිමකට අනුව,පොලිස්පතිවරයාගේ නියමයෙන්, රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය සිදුකල විමර්ශණයකට අනුව මෙම වැඩ තහනම සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

