හෙම්මාතගම පානීය ජල යෝජනා ක්‍රමයට අයත් අරණායක අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියේ ජල නල ගිනි ගැනිම හේතුව සම්බන්ධයෙන් පාසැල් ළමුන් 6 දෙනෙකු අද දිනයේදි අත් අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.
මෙම ගිනි ගැනීම සම්බන්ධව විශේෂ පොලිස් කණ්ඩායම් 4 ක් අරණායක පොලීසිය විසින් යෙදුවු අතර එහි ප්රථිඵලයක් ලෙස මෙම සැකකාර සිසුන් 6 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වු බවද පොලීසිය පවසයි.
එම ප්‍රදේශයේම පාසැලක ඉගෙනුම ලබන මෙම සැකකාර සිසුන් පාසැල් නිමවීමෙන් පසු මෙම ජල ව්‍යාපෘතිය අසළ ඉඩමකට ගොස් දුම් පානය කර ඇති අතර එහිදි විසිකල ගිණිකුරක් නිසා මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් විමර්ශන වලදි තහවුරු වූ බව පොලීසිය පවසයි.
මෙම සිසුන් 6 දෙනාගෙන් සිසුන් 5 දෙනෙකු හෙට දිනයේ සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දිමට ඇති බවත් අනික් සිසුවා ලබන වසරේ සාමාන්‍යෙපළ විභාගය සඳහා මුහුණ දීමට ඇති බව පොලීසිය පවසයි.
අරණායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රාහුල් බණ්ඩාර මහතා පැවසුයේ මෙම සිසුන්ගේ නොසැලිකිලමත්කම නිසා මෙම ගින්න හටගෙන ඇති බවත් හෙට දිනයේදි විභාගය සඳහා පෙනි සිටීමට සිටින සිසුන් බැවින් අද දිණයේදි මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කරන බවද අරණායක පොලීසිය පැවසිය.