කොවිඩ් 19 වෛරසය සඳහා ලබාදෙන ඇස්ට්රාසෙනිකා එන්නත අද (15දා) සිට මහජනතාවට ලබාදීම ආරම්භ කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙසේ එන්නත් මහජනතාව වෙත ලබාදීම ආරම්භ කර තිබේ.
ඒ අනුව මුලින්ම බස්නාහිර පළාතෙන් මෙම වැඩසටහන ආරම්භ කරන අතර එහිදී එම පළාත තුළ වාසය කරන කොවිඩ් 19 ආසාදනය වීමට වැඩි ඉඩක් ඇති අවදානම් කලායන්හි සිටින පිරිස් වෙත එන්නත් ලබාදීම සිදුකරයි.