ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව මැයි මස 21 දක්වා තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදි මෙම තීරණය දි තිබේ.
එහිදී පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවට සහභාගි වන බැවින් මෙම නඩු විභාගය කල් තබන ලෙස රජයේ නීතිඥවරයා ඉල්ලා සිටියේය .
ඒ අනුව නඩු විභාගය මැයි මස 21 වනදා තෙක් කල් දැමීමට අධිකරණය නියම කළේය.