ඇල්ෆා හා ඩෙල්ටා ප්‍රභේද ලංකාවෙන් හමුවෙයි
බ්‍රිතාන්‍යයේ පැතිර ඇති කොරෝනා වෛරස් ප්‍ර භේදය (ඇල්ෆා) හා ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍ර භේදය (ඩෙල්ටා) ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්රකාහෙ කළේ දිවයිනේ ප්‍ර දේශ 9කින් බ්‍රිතාන්‍ය ප්‍ර භේදයත්, නිරෝධායන මධ්‍යස්ථානයකින් ඉන්දී ප්‍ර භේදයත් හමුව ඇති බවයි.
කොළඹ,මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොල, හබරාදුව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් බ්‍රිතාන්‍ය ප්‍ර භේදය හමුව තිබේ.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් පිරිසක් තිස්සමහාරාමය ප්‍රදේශයෙන්ද හමුවී තිබේ.
නව සැර කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ පිළිබඳ අවසන් වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාට අද (10) පෙරවරුවේ බාරදෙනු ලැබීය. මෙම තොරතුරු එම වාර්තාවේ ඇතුළත් වෙයි.
popular news
-
janahotha Thursday, 10 June 2021 03:25 PM
Delta nam prashnayak naha engalanthyen ne naraka venna baha anek eka thama purasne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

