ඇල්ලවළේ ගිලී මිය ගිය තිදෙනාගේම සිරුරු හමුවෙයි
වැල්ලවාය ඇල්ල වළේ දිය නෑම තහනම් කර තිබියදි 05 දින දවල් බීමත්ව දියනාමින් සිටි හය දෙනෙකුගෙන් තිදෙනෙකු දියේ ගිලී මියගොස් සිටියදි සොයාගත් බව පොලිසිය කියයි.
මාතර පරමුල්ල පදිංචි දික්වැල්ල විදානලාගේ ලෙස්ලි කුමාර (53),වෝල්ටල් නානයක්කාර (68) සහ පඹුර මාතර පදිංචි හේවා ගලමුලගේ චන්ද්‍රසිරි (65) යන තිදෙනා දියේ ගිලමෙන් මිගොස් තිබේ.
මාතර ප්‍රදේශයේ සිට පැමිණි මෙම පිරිස තණමල්විල ප්‍රදේශයේදි මත්පැන් පානය කර වැල්ලවායේ ඇල්ල වළට පැමිණ එහි දිය නෑම තහනම් බවට නාම පුවරු සවිකර කම්බි වැටක් ඉදිකර තිබියදීත් දිය වළට ගිය පිරිස දිය නාමින් සිටින අතරතුර තිදෙනෙකු දියේ ගිලීඅනතුර සිදුව තිබේ.
ඌම ඔයේ උමගින් පිටවන ජලයෙන් පෝෂණය වන ඇල්ල වළ වෙනදාටත් වඩා ගැඹූරුව පැවතීම නිසා පසුගිය කාලයේ පැමිණි සංචාරකයින්ගෙන් මෙහි දියනෑමට පැමිණි 16 දෙනෙකු පමණ දියේ ගිලී මියගොස් තිබෙන බව පොලිසිය කියයි.
දියේ ගිලීමෙන් අතුරුදන් වු තිදෙනොගෙන් දෙදෙනෙකුගේ මෘත ශරීර ප්‍රදේශවාසීන් සමග පොලිසිය එක්ව 05 දින දවල් ගොඩට ගත් බවත් නාවික හමුදා කිමිදුන් කණ්ඩායම් විසින් අතුරුදන් අනෙක් අයගේ සිරුරු එදිනම සවස ගොඩට ගෙන මෘත ශරීර මරණ පරීක්ෂන කටයුතු සඳහා මොණරාගල සිරිගල රෝහලට ගෙන ගිය බව පොලිසිය කියයි.
වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටි.එම් රත්නායක මහතාගේ උපදෙස් මත නිළධරීන් පරීක්ෂණ පවත්වති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

