ඇල්ල ඔඩිසියේ පාපුවරුවේ සිට සෙල්ෆි ගන්න ගිය විදේශිය කාන්තාව කණුවක ගැටෙයි
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන් ගත් ඕස්ට්‍රේලියානු ජාතික විදේශීය සංචාරක තරුණියක් දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනිමට යාමේදී යකඩ කනුවක ගැටී දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා ඊයේ (31) පස්වරුවේ නුවරඑළිය රෝහලට ඇතුලත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර දී සිදු වූ මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ඇල්ල ඔඩිසි දුම්රියේ න් ඇල්ල බලා ගමන් කරමින් සිටි ඕස්ට්‍රේලියානු ජාතික 27 හැවිරිදි සංචාරක තරුණියකි.
ඇය තවත් සංචාරකයින් පිරිසක් සමග මෙසේ ඇල්ල බලා ගමන් කරමින් සිටියදි දුම්රියේ පාපුවරුවෙ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී මෙසේ දුම්රිය මාර්ගය අසල තිබු යකඩ කනුවක ගැටී ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් බිමට ඇදවැටී ඇතයි දුම්රිය බලධාරින් සදහන් කලේය .මැයගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය . හපුතලේ පොලිසිය වැඩ්දුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

