ඇල්පිටියේ නිවසකට වෙඩි ප්‍රහාරයක්
ඇල්පිටිය ,ගනේගොඩ ඉහල ඕමත්ත ප්‍රදේශයේදී ඊයේ (4) රෑ නිවසකට නාදුනන තුවක්කුකරුවන් වෙඩි තබා පලා ගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.
වෙඩි තැබීමෙන් එම නිවසේ ඉදිරිපස ජනේලයකට හානිසිදුව ඇති බවත් කිසිවෙකුට හෝ වෙඩි පහාරයක් එල්ලවී නැති බවත් පොලීසිය කියයි.
ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යනු ලබන හිටපු යුධ හමුදා සෙබලකු ඉල්ලක්ක කර ගනිමින් මේ වෙඩි තැබීම සිදු කර ඇති බවද පොලීසිය කියයි.
මේ හිටපු හමුදා සෙබලා ගමේ නමක් ගත් චරිතයක් බවත් ඔහුට පාතාලයෙන් තර්ජන තිබී ඇති බවත් ඔහුව බිය ගැන්වීමට මේ වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.
නිවෙස් හිමි හිටපු යුධ හමුදා සෙබලා නිවසේ සිටියදී ඊයේ (4) රෑ 10 යට පමණ මේ වෙඩි තැබීම සිදුව ඇති බවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලීසිය කරයි.
මේ නිවසට වෙඩි තැබීමේ නියම හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවද පොලීසිය කියයි. ඇල්පිටිය පොලීසිය මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
