ඇල්පිටිය මූලික රෝහලේ තුන්වන මහලින් බිමට පැන පුද්ගලයෙකු අද උදෑසන සිය දිවි හානිකරගෙන ඇතැයි පොලිසිය පවසයි. මියගොස් සිටින පුද්ගලයා කරන්දෙණිය කොස්වතු මානාන,ලිපිනයේ පදිංචි එච්.ඒ.අසෝක කුලරත්න නැමැති 83 හැවිරිදි පියෙකු බවද පොලිසිය කියයි.
මුත්‍රා ආබාධයක් සඳහා ඇල්පිටිය මූලික රෝහලේ පළවන වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබා සුවවී ටිකට් කපා නිවසට යාමට ගෙදර අය එනතුරු රෝහලේ රැඳි සිටි මොහු අද උදෑසන රෝහල් වාට්ටුවේ ජනේලයකින් පැන මෙසේ සියදිවි නසාගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.ඇල්පිටිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර/කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත