ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීම අද (11දා) දින පැවැත්වේ.
සභිකයන් විසිඅටදෙනෙකු තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණය සඳහා ඡන්දදායකයන් පනස්තුන්දහස් තුන්සියඅසූහතරක් සුදුසුකම් ලබා තිබේ.
කොට්ඨාස මට්ටමින් සභිකයන් දාහත්දෙනෙකු තෝරාපත් කරගන්නා අතර, අතිරේක ලැයිස්තුවෙන් සභිකයන් එකොළොස් දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ ඡන්ද සඳහා තරග කරයි.
ඇල්පිටිය ප්රා‘දේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 27 වැනිදා හා මේ මස 04 වැනිදා පැවැත්විණි.
ඇල්පිටිය ප්රා‘දේශීය සභා බලසීමව තුළ හා ගාල්ල දිස්ත්රික්ක මැතිවරණ කාර්යාලයට අද දිනයේදී විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබාදී ඇත.