ඇල්ල රොක් ප්‍රදේශයේ විදේශිකයන් නවාතැන් ගෙන සිටි නවාතැන්පොළක් (කෝටේජ් එකක්) අද (20දා) අලුයම කඩා වැටී එහි නවාතැන් ගෙන සිටි ඔස්ට්‍රේලියානු ජාතිකයන් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව ඇල්ල පොලිසිය කියයි.
අලුයම 2.30 ට පමණ පැති බැම්ම සමග කොන්ක්‍රීට් ආවරණය සහිත කොටේජ් එකක් කඩා වැටී මෙම අනතුර සිදුවී ඇත. තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු සිටින බව පොලීසිය කියයි. බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුළද සිල්වා මහතාගේ උපදෙස් ඇතිව ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් අලගියවන්න මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.