ඇමෙරිකාවෙන් ලක්ෂ 5000ක ප්‍රදානයක්
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) හරහා අමතර ඩොලර් මිලියන 2.5 (රුපියල් මිලියන 500ක් පමණ) හදිසි කෝවිඩ් - 19 ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන බව එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.
මේ ආධාරය සුරක්ෂිත සහ ක්‍රියාකාරී කෝවිඩ් - 19 එන්නත් ලබාගැනීම සඳහා ඇති සාධාරණ ප්‍රවේශය තවදුරටත් වේගවත් කරමින් කෝවිඩ් - 19 ආමන්ත්‍රණය කිරීමට සෞඛ්‍ය සේවකයින්ට ඇති හැකියාව ශක්තිමත් කරනු ඇත.
ඇමරිකානු මුදවාගැනීමේ සැලසුම (American Rescue Plan) හරහා ලැබෙන මෙම ඩොලර් මිලියන 2.5 ශ්‍රී ලංකාවේ ඔක්සිජන් පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමටත් සෞඛ්‍ය සේවා ආයතන තුළ ආසාදනය පාලනය සඳහා පුද්ගලාරක්ෂක උපකරණ කට්ටල ලබාදීමටත් සෞඛ්‍ය සේවකයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමටත් උපකාර කරනු ඇත.
එසේම එන්නත් බෙදාහැරීම සම්බන්ධීකරණය, ෆයිසර් එන්නත ගබඩාකරණය සඳහා ශීතන පහසුකම් ලබාදීම, සහ එන්නත්කරණය සිදුකිරීමට කාර්යමණ්ඩලයට ඇති හැකියාව ශක්තිමත් කිරීම යන කටයුතු සඳහාද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙම ආධාර ප්‍ර‘යෝජනයට ගනු ඇත.
2020 මාර්තු මාසයේදී වසංගතය මුලින්ම පැතිර යන්නට පටන්ගත් කාලයේ පටන් මේ දක්වා (USAID) විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 17.9ක් ලබාදී තිබේ. මේ ආධාර රටපුරා සිටින මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් වෙත ලගාවී ඇති අතර කෝවිඩ් - 19 ව්‍යාප්තිය පාලනය කිරීමටත්, ශ්‍රී ලාංකිකයින්ගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමටත් වසංගතයේ අහිතකර ආර්ථික බලපෑම් අවම කිරීමටත් උපකාරී වී ඇත.
popular news
-
Rocky Friday, 22 October 2021 12:29 AM
Oya dolarwalin Ewidina Mantheeru, Gym, saha jogging tracks hadamu. Ewaa janathaawata nathuwama baha!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

