සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනය විසින් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 65ක ආධාරයක් පිරිනමා තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 23කට වඩා වැඩි වෙයි.
වසර පහක කාලයක් තුළ මෙම ආධාර මුදල ශ්‍රී ලංකාවට හිමිවන අතර ඒ සඳහා වන ගිවිසුමට USAID ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ දූත මණ්ඩල අධ්යක්ෂ ගේබ්‍රියෙල් ග්‍රෝ මහතා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අත්සන් තැබීය.
පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ USAID පරිපාලන නිලධාරී සමන්තා පවර් මහත්මිය ප්‍රකාශ කළ ඩොලර් මිලියන 60ක ආධාරයට අමතරව නව ආධාරය පිරිනමයිි.
එක්සත් ජනපදය 1956 සිට ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් ඩොලර් බිලියන 2කට වඩා (ශ්‍රී ලංකා රුපියල් බිලියන 720ක් පමණ) ලබා දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.