ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 11ක ගුවන් යානාවක් ඇණවුම් කරයි
ඇමෙරිකානු සමාගමකින් ඩොලර් මිලියන 11ක ගුවන් යානයක් මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිිබේ.
ඇමෙරිකාව් Textron Aviation සමාගම නිපදවන Beechcraft King Air 360ER ගුවන් යානාවක් මෙසේ මිලදී ගැනීමට නියමතය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් මිලදීී ගන්නා මෙම ගුවන් යානය විදේශීය මිලිටරි විකුණුම් කොන්ත්‍රාත්තුවක් හරහා ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇති අතර නිෂ්පාදනය 2025 සැප්තැම්බර් වන විට අවසන් කිරීමට නියමිතය.
අඩි 46.6 (මීටර් 14.2) දිග සහ අඩි 14.3 (මීටර් 4.35) උසින්, Beechcraft King Air 360ER නිර්මාණය කර ඇත්තේ ප්රශස්ත බල ප්‍රතිදානය සහ කාර්යක්ෂම ගුවන් ගතවීම සඳහා නිරවද්‍ය පාලනයක් සපයන "ThrustSense Autothrottle" වැනි විශේෂාංග සමඟ නියමු කාර්ය භාරය අඩු කිරීමටයි.
මගී සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට, ගුවන් ගිලන් රථයක් ලෙස ක්‍රියා කිරීමට හෝ වෙනත් මෙහෙයුම් සිදු කිරීමට නම්‍යශීලී සහ ප්‍රතිනිර්මාණය කළ හැකි අයුරින් මෙම ගුවන් යානා නිපදවය.
මෙම යානයට අඟල් 14ක ටච්ස්ක්රීන් සංදර්ශක තුනක්, බහු ස්කෑන් කාලගුණ රේඩාර් පද්ධතියක්, ද්විත්ව පියාසැරි කළමනාකරණ පද්ධතියක්, ග්‍රැෆික් පියාසැරි සැලසුම්කරණයක් සහ කාර්ය මණ්ඩල අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඇතුළත් වේ.
2020 දී හඳුන්වා දුන් ජෙට් යානයේ උපරිම පරාසය කිලෝමීටර් 3,345 (සැතපුම් 2078.4) වන අතර පුද්ගලයන් 11 දෙනෙකුට ගමන් කළ හැකිය. එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 560 (සැතපුම් 348) වන අතර පියාසර කළ හැකි උපරිම උස අඩි 35,000 (මීටර් 10,668) කි.
ඩිෆෙන්ස් පෝස්ට් ඇසුරෙනි
popular news
-
Kumar Saturday, 19 February 2022 03:31 PM
may guwanyana lokkange prayoganayatayi. gilanun prawanayata sudusu helicopter wanideyak. guwanyanayakata dawanapatayak awashyayi namuth helicopteraya welaka vunath pahathkala hakiwaga kavuruth dannawane.
Reply : 1 0
මෝ Saturday, 19 February 2022 10:58 PM
බඩුම තමයි,කෙලවිච්චි දාටසෙට් එකටම ඇමරිකාවට පැනගන්න ගේම සෙට් කරන සයිස් එකක් තමයි පේන්නෙ.
Reply : 2 9
Kaputas Sunday, 20 February 2022 08:16 AM
Pawule ayata yanna eya ethy
Reply : 1 5
Kumar Sunday, 20 February 2022 05:32 PM
navika sathapum 2300 k dura, 11 denekuta gamankaranna haki memayanaya pavul pitin wanadanawe yanna puluwan neda.
Reply : 1 4
චිවින් Monday, 21 February 2022 01:16 PM
මේක ජෙට් යානයක් නොවේ. සාගරේ ඔත්තු බැලීමේ යෙදවිය හැකි හුලං පෙති බල එන්ජින් යානයක්.
Reply : 0 0
Anura Nanayakkara Tuesday, 22 February 2022 06:32 AM
So much Dolllars to buy the plane?? They say we have a severe shortage of dollars.!! Is this anti govt false propaganda??
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

