ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3කින් පමණ පහළ ගොස් තිබේ. එක්සත් ජනපද බොරතෙල් තොග බලාපොරොත්තු වූවාට වඩා ඉහළ යාම හා ලෝකයේ විශාලම බොරතෙල් ආනයනකරු වන චීනයේ කොවිඩ් බිය හේතුවෙන් මෙසේ බොරතෙල් මිල පහළ යාමට හේතු වී තිබේ.
ඒ් අනුව බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය අනුව බැරලයක් ඩොලර් 92.65 ක් දක්වා ඩොලර් 2.71 ක් එනම් 2.8% කින් පහළ වැටී ඇති අතර එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි (ඩබ්ලිව්ටීඅයි) බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.83 ක් දක්වා ඩොලර් 3.08 ඒනම් සියයට 3.5 කින් පහත වැටි තිබේ.