ඇමෙරිකාව සමග සාකච්ඡාවල ප්‍රගතියක් තියෙනවා -ඉරානය
එක්සත් ජනපදය සමඟ සාකච්ඡාවල යම් ප්‍රගතියක් ඇති කර ගෙන ඇති නමුත් දෙරට අතර ගිවිසුමක් "ළඟදීම" ඇති නොවන බව ඉරානය කියයි.ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බකායිගේ ප්‍රකාශය පැමිණෙන්නේ ඉරානය සමග සඳුදා ගිවිසුමකට එළඹිය හැකි බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසීමෙන් පසුව වීම විශේෂත්වයකි.
"සාකච්ඡාවට භාජනය වන ගැටළු වලින් විශාල කොටසක් සම්බන්ධයෙන් අපි නිගමනයකට එළඹ ඇති බව පැවසීම නිවැරදියි ," බකායි සඳුදා ටෙහෙරානයේදී පැවසීය. "නමුත් මෙයින් අදහස් කරන්නේ 'ගිවිසුමක් අත්සන් කිරීම ආසන්න බව' යන වග යැයි කිසිවෙකුට ප්‍රකාශයක් කළ නොහැක."
අවබෝධතා ගිවිසුමට දින 60 ක සටන් විරාමයක් දීර්ඝ කිරීම, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානයේ
න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ තවදුරටත් සාකච්ඡා සඳහා සැලැස්මක් ඇතුළත් වන බව වාර්තා වේ.
සති අන්තයේ දී සාකච්ඡාකරුවන්ට "ඉක්මන් නොවන ලෙස" උපදෙස් දුන් බව ට්‍රම්ප් පැවැසීය. සඳුදා, රුබියෝ ඉන්දීය අගනුවර වන දිල්ලියේ වාර්තාකරුවන්ට පැවැසුවේ "ඊයේ රාත්‍රියේ අපට යම් ප්‍රවෘත්තියක් ලැබෙනු ඇතැයි අපි සිතුවෙමු. සමහර විට අද." යනුවෙනි.
"මම ඒ ගැන වැඩිය කියවන්නේ නැහැ" යනුවෙන් අනතුරු අඟවමින් රුබියෝ මෙසේ පැවසීය: "ඉරානයෙන් ප්‍රතිචාරයක් ලැබීමට ටික කාලයක් ගතවේ."
ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි ඊශ්‍රායල ප්‍රහාරයකින් තුවාල ලබා හෙළි නොකළ ස්ථානයක සිටින අතර
ඒහෙයින් ඔහුගේ තානාපතිවරුන් සමඟ සන්නිවේදනය දුෂ්කර වන අතර එම නිසා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා ප්‍රමාද වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

