ඇමෙරිකානු මිසයිලයක කොටසක් ඉරානයේ විවාහ උත්සවයකට වැටුණාදැයි සොයයි
දකුණු ඉරානයේ පැවති විවාහ මංගල උත්සවයකට ඇමෙරිකාවෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගිය බවට ඉරානය කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමරිකානු හමුදාව විමර්ශනයක් සිදු
කරමින් සිටින බව උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ප්‍රකාශ කළේය.
ඉරාන රතු අඩ සඳ සංගමය (IRCS) පැවසුවේ, අඟහරුවාදා සිරික් (Sirik) හි පිහිටි නිවසක පැවති එම උත්සවය වෙත මිසයිලයක කොටස් කඩා වැදුණු බවයි; ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මායිල් බකායි මෙය "යුද අපරාධයක්" ලෙස නම් කළේය.
ඇමරිකානු හමුදාවන්ට එරෙහිව ඉරානය විසින් සිදු කිරීමට උත්සාහ කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් එම දිනයේම ඇමරිකානු මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණද, ඇමරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ තමන් "කිසිවිටෙකත් සිවිල් වැසියන් ඉලක්ක නොකරන" බවයි.
බ්‍රහස්පතින්දා අදහස් දක්වමින් වැන්ස් පැවසුවේ, අදාළ ප්‍රහාරය පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් තමාට "දැඩි සැකයක්" පවතින නමුත් ඇමරිකාව ඒ පිළිබඳව විමර්ශනය කරන බව තහවුරු කරන බවයි.
සිවිල් වැසියන් ඉලක්ක කිරීම ඇමරිකාව ප්‍රතික්ෂේප කරන අතරතුර, ඉරානය පවසන්නේ ඇමරිකානු ප්‍රහාරයකින් විවාහ මංගල උත්සවයක සිටි සිව්දෙනෙකු මියගිය බවත් එය "යුද අපරාධයක්" බවත්ය.
"මෙතෙක් පැවති ගැටුම සම්බන්ධයෙන් සිදුවූ දේ පිළිබඳව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවැරදි තොරතුරු වාර්තා කර නොමැති බව මම කියන්නට කැමතියි. ඒ නිසා මේ පිළිබඳව මට ඇත්තේ දැඩි සැකයක්," යනුවෙන් වැන්ස් ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
අදාළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු කඳවුරු වෙත නව ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

