ඇමෙරිකානු උසස් හමුදා නිලධාරීන් පිරිසක් දිවයිනට
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයට අවශ්‍ය ආරක්ෂක කටයුතු සොයා බැලීමට සහ අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ඇමෙරිකානු උසස් හමුදා නිලධාරීන් පිරිසක් ඉකුත් 10/21 දින කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසීය.
කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් මෙම ඇමෙරිකානු හමුදා නිලධාරීන් 16 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු බව ද එම නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
-
Deepal Nirosh Friday, 23 October 2020 04:41 PM
ඉතින් ලංකාවට එන්න ඔච්චර බයනම් ලංකා හමුදාපති තමුන්ට අවිශ්වාස නම් ලංකාවට නෑවිත් හිටියනම් ඉවරනෙ. කවුද එන්න කිව්වෙ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

