ශ්රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය වශයෙන් කටයුතු කරනු ලබන ගරු ජූලි ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී පවත්වා තිබේ.
මෙම හමුවේදී ශ්රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති තුමිය විසින් ශ්රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා වෙත සුභපැතුම් පිරිනමන ලදි. අනතුරුව, ශ්රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී සහ නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් වූ බව නාවික හමුදාව නිවේදනය කරයි.
මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඇන්තනී සී. නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson) සහ නාවික උපදේශක, ලුතිනන් කොමාණ්ඩර් රිචඩ් ලිස්ටර් (Lieutenant Commander Richard Lister) සහ නාවික හමුදාධිපතිගේ නාවික සහායක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය ද සහභාගී වන ලදි.



