ඇමරිකන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම රහසිගතව අත්සන් කිරිම හෙළාදකිනවා - මහින්ද
ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තින්දුවක් ගෙන ඇති බවත් එම ගිවිසුම ජනාධිපතිරණයට පෙර අත්සන් කිරීමට පියවර ගන්නා බවටත් අගමැතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටි බවත් එය නිතීවිරෝධි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරණයට තව ඇත්තේ සති දෙකක් වැනි කාලයක් බවත් එවැනි තීරණාත්මක මැතිවරණයකට දින ගණනක් තිබියදී විදෙස් රටක් සමග ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුමකට එළඹිය යුතු නැති බවත් තරයේ ප්‍රකාශ කරන බවත් විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි. එවැනි ගිවිසුමක් ලංකා ආණ්ඩුව අත්සන් කරනවානම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුව බවයි එහි සඳහන් වන්නේ.
මෙකී ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේ ජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් දන්නේ නැති බැවින් මෙවැනි ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ යුතු බවත් දැඩිව ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කරයි.
මේ යෝජිත ගිවිසුම මහාමාර්ග සංවර්ධනයට හා ඉඩම් ප්‍රතිසංස්කරණයට අදාළ එකක් බව කියා සිටියද එයින් හරියටම සිදුවන්නේ කුමක්ද යන්න ආණ්ඩුව ජනතාවට පැහැදිලි කර නැති බවත් මෙයින් ලංකාවට සෙතක් සැලසෙන්නේ නම්, මේ සම්බන්ධයෙන් මෙතරම් රහස්‍ය බවක් පවත්වාගෙන යන්නේ කුමටද යන්න ගැන සාධාරණ සැකයක් පවතින බවත් සඳහන් කරයි.
ජනතාවට හොරෙන් හා පාර්ලිමේන්තුවට හොරෙන් මේ ගිවිසුම් කිසිසේත්ම අත්සන් නොකළ යුතු බවට රජයට දැඩිව බලපෑම් කරන බව එහි සඳහන්ය.
කෂිනි හපුආරච්චි

popular news
-
Bandula. Thursday, 31 October 2019 06:04 PM
මම මේ දන්නේ නැති නිසා අහන්නේ, ඔබතුමාලා, ජනතා විමුක්ති පෙරමුණ ඔය කියන හැමෝම විරුද්ද පක්ෂයේ අයනේ, ඉතින් ජනතාව ඔබ තුමාල පත්කරන්නේ වැරදි දේවල් වලට හඬක් නංවන්න, ඇත්තටම කනගාටුවක් මේ ගැන ජනතාවට කියන එක? අපිට පාර්ලිමෙන් යන්න බැරි නිසානේ ඔබතුමාලා යැව්වේ නේද.
Reply : 0 0
denin Thursday, 31 October 2019 09:57 PM
1994 ජනාධිපතිවරණ කාලයේදී ඩිව් ගුණසේකර මහතා ප්රකාසකළ සෑම ලාංකිකයෙක්ම රුපියල් දොළොස්දාහක් පිටරටට ණයයි කියා .දැන් ජනාධිපති අපේක්ෂකයෙක් ප්රකාසකරනවා සෑම ලාංකිකයෙක්ම පිටරටට රුපියල් 580000ක් ණයයි කියා .කොහොමද 1994න් පසු පත්වුණ අපේ නායකයින්ගේ දක්ෂතාවය .
Reply : 0 0
pala Friday, 01 November 2019 05:55 AM
අනේ ඔහේගේ මෙරටට තියෙන ආදරේ .බොරු ටෝකෙස් දෙන්න එපා අපි දන්නවා ඔහේ මෙරටට කල විනාසය .යුද්දේ දිනන කියල ඒක ඓතිකරගෙන අප්පල පුතාල සහෝදරයෝ කල ජරා වැඩ .රටට ආදරේ හින්ද වෙන්න ඇති ඓර්ලංකා එකේ ටිකෙට් 35 ලන්ඩන් වල ඉඳල එන්න උන්න ඔහේගේ නඩේට දුන්නේ නැහැ කියල යස අගේට ලාබ ලබපු .ගිඋසුම කඩල මස්සිනාට ඓර්ලංකා ඒක කන්න දුන්නේ .මෙරට මේ පුද්ගලයන්ට නැවත ගියොත් මේ රටේ අවසානය එයඊ.
Reply : 0 2
අපේ ඇමේරිකන් ජනාධිපති Friday, 01 November 2019 08:49 AM
ඕක තියල තියන්න අපේ ඇමේරිකන් පුරවැසි ශ්‍රිලංකාවේ හත්වැනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පළමු රාජකාරිය විදිහට අත්සන් කරන්න.
Reply : 0 0
Nandana Friday, 01 November 2019 05:19 PM
මේ මිනිහ ඇත්තටම මේ ගිවිසුමේ ත්රුමවත් දන්නේ නැතුව ඇති ,බුරුවට දන්නබව පෙන්නන්න දොඩෝනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

