ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගෙන තිබේ. ඒ එම තනතුරට ඔහු පත්වී මාස 9කට පසුවයි. අවුරුදු 60 සම්පූර්ණවීම හේතුවෙන් ඔහු මෙසේ සිය ධුරයෙන් විශ්‍රාම ගෙන තිබේ.
රවිනාථ ආර්යසිංහ මහතා සිය අක්‍ර පත්‍ර පිටපතක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට භාර දීමෙන් පසු 2020 දෙසැම්බරයේදී එක්සත් ජනපදයේ තානාපති වශයෙන් වැඩ භාර ගත්තේය.
එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් අක්තපත්‍ර පිරිනැමෙන තුරු ඔහු පත් කරන ලද තානාපතිවරයා සහ මෙහෙවර ප්‍රධානියා ලෙස දිගටම කටයුතු කළේය
පසුගිය දින කිහිපය තුළදී ආර්යසිංහ මහතා නැවත කොළඹ පැමිණීමට පෙර ඇමරිකාවේ නිලධාරීන්ගෙන් සමුගත්තේය.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත් කටයුතු කර ඇති ආරියසිංහ මහතා අත්දැකීම් බහුල රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස ශ්‍රී ලංකාවට විශාල මෙහෙයක් ඉටුකළ රාජ්‍ය නිලධාරියෙකි.