ඇමෙරිකා එක්සත් ජනපදයේ දෛනික වාර්තා වූ සමස්ත කොවිඩ්-19 වෛරස් මරණ සංඛ්‍යාව ගෙවීගිය බදාදා දිනයේ නව වාර්තාවක් තැබූ අතර, රෝහල් ගතවීම්ද, වාර්තාගත ලෙස ඉහළ මට්ටමකට පැමිණ තිබේ. එක්සත් ජනපදය පුරා සිටින වෛද්‍යවරුන් සහ හෙදියන් වැඩිවන රෝගීන්ගේ සංඛ්‍යාව හැසිරවීම සඳහා මේ වනවිට වඩාත් කාර්යක්ෂම හා නිර්මාණශීලී ක්‍රම සෙවීමට උත්සාහ ගනිමින් සිටිති.
කොවිඩ්-19 මරණ
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව බදාදා දිනයේ මරණ 2,800කට වඩා වාර්තා කර ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දින සිට වැඩිම දෛනික මරණ සංඛ්‍යාවයි.
ඇමෙරිකාව තුළ දෛනිකව සාමාන්‍යයෙන් 1,603ක් කොවිඩ්-19 නිසා මිය යන බව ගණන් බලා තිබේ.
අඛණ්ඩව දින 22ක් තුළ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1,000කට අධිකය.
රෝහල්ගත කිරීම්
කොවිඩ්-19 ලුහුබැඳීමේ ව්‍යාපෘතියට අනුව බදාදා දිනයේ නව ආසාදිතයන් 100,200කට වැඩි පිරිසක් එක්සත් ජනපද රෝහල්වලට ඇතුළත් කර ඇත.
වර්තමාන දෛනික රෝහල්ගත කිරීම් 100,000කට අධික සංඛ්‍යාවක් ඇමෙරිකාව වාර්තා කළ පළමු අවස්ථාව මෙය වන අතර, ආසාදන පැතිර යාම ආරම්භ වීමෙන් පසුව මෙතෙක් වාර්තා වූ ඉහළම අගයද මෙයයි.
පසුගිය දින හත තුළ එක්සත් ජනපදය රෝහල් ගත කිරීම් 94,311ක සාමාන්‍ය අගයක් ගෙන තිබේ.