ඇමති විමල්ගෙන් ඇමති ඩලස්ට ලිපියක්
කොවිඩ් - 19 ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා දමා තිබුණ ද පෞද්ගලික පාසල් බලධාරීන් අප්‍රේල් මාසයෙන් ඇරඹෙන දෙවන පාසල් වාරය සඳහා නියමිත සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවන ලෙස එම පාසල්හි ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන්ට මේ වනවිටත් දන්වා ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
මෙරට ජනතාව ආර්ථික දුෂ්කරතා මෙන්ම වෙනත් බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවීමට සිදුව ඇති මෙවැනි ගෝලීය වසංගත සමයක මෙරට පෞද්ගලික පාසල් බලධාරීන් ගෙන ඇති ඉහත තීරණයෙන් ඒවායේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් බලවත් අපහසුතාවකට පත්ව ඇති බවද අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය ලිපියෙන් දන්වා සිටියි.
මෙරට අධ්‍යාපනය හා බැඳී ඇති මෙම ප්‍රශ්නයට මැදිහත්ව සාධාරණ පිළියමක් යෙදීමට කටයුතු කරන ලෙස ඔහු අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.
popular news
-
Don Tuesday, 26 May 2020 08:22 PM
පුද්ගලික පාසල්වල ඉන්න ගුරුවරුන්ට COVID නිසා ගෙදර හිටියට වැටුප් අයිති නැද්ද? ගෙවන්නේ වීරවන්සද?
Reply : 0 0
Nandana Tuesday, 26 May 2020 10:29 PM
ඉතා හොඳ අදහසක් ඩලස්ට ඇමතිට තේරුනොත් ඇති , මේ අය බදු වංචා පවා සිඳු. කරනවා හොඳට හොයල බලන්න .මීගමුවේ ගේට්ටුවක් තියන පාසලක් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

