රටේ හොරකම්ක කරන සෑම ව්යාපාරිකයෙක්ටම දේශපාලකයන්ගේ රැකවරණය ඇති බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
“මේ රටේ හොරකම් කරන ව්‍යාපරිකයෙක් ඉන්නවනම් ඒ් හැම ව්‍යාපාරිකයෙක්ම දේශපාලඥයෙක්ගේ රැකවරණය යටතේ ඉන්නේ.
දේශපාලනය රැකවරණය යටතේ ඉන්න ව්‍යාපාරිකයෝ තමයි හොරකම් කරන්නේ. දේශපාලකයන්ගේ රැකවරණය යටතේ ඉන්න ව්‍යාපාරිකයෝ තමයි මේ රටට විදේශ රටවලින් ගෙනත් කුණු ගොඩ ගහන්නේ.
කවද්ද මේක අපි නතර කරන්නේ. හොරකම් ගැන කථා කරනවා. ලිපිගොනු ඉදිරිපත් කරනවා. 2007දී මම බිලියන 300ක වංචා හෙළි කළා.
පාර්ලිමේන්තුවට මේවා ගැන හොයන්න වගකීමක් තියෙනවා. රට කඩා වැටෙන්න වුණ වංචා ගැන පාර්ලිමේන්තුව කථා කරන්නේ නෑ. ඒක නිසයි ජනතාව පාරට බැස්සේ.
ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ඔ්න. මූල්‍ය ගනුදෙනු ගැන හොයන්න පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත්කරන්න. නීති සම්පාදනය වගකිමකින් යුතුව අපි කටයුතු කරනවා.”