ඇමති වාසුදේව වාහනය සහ නිල නිවස භාරදෙයි
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරී වාහන සහ නිල නිවාස සියල්ලම අද (14දා) ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට භාර දෙන ලදී.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසන අවස්ථාවේදී ඔහු සඳහන් කළේ එය නිවැරදි බවත්, තම පවුලේ සහෝදරයකුගෙන් ලබා ගන්නා පෞද්ගලික කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බවත්ය.
තමන් අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීමත් අමාත්‍යංශයේ රාජකාරී වලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබා ගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එලැඹි බව වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් දැනුම් දෙන ලදී.


ඉදිරියට භාවිතා කරන පෞද්ගලික කුඩා රථය
popular news
-
පාල මුදළාලි (හිදුරංගල ) Monday, 14 March 2022 06:49 AM
කොළඹ ඉන්න කෙනෙකුට නිළ නිවාස දෙන්නෙ මොකටද මේවා රටට ශාපයක් ,කවුරු හෝ ජාතිහිත්යශී නායකයෙක් මෙහෙම වැඩ වහාම නැවැත්වීමට කටයුතු කලයුතුය .මේ උන්දෑ මේ වාහනය මාරුකලේ චන්ද දායකයින් රැවටීමට කියලා 1970 සිට ඔහුගේ අනුගාමිකයන් වන අපි හොදින්ම දන්නවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

