ඇමති පාඨලීගෙන් මහින්ද රාජපක්ෂට අභියෝගයක්...
2010 වසර වන විට ඩොලර් මිලියන 1900ක්ව පැවති විදේශ ණය වාරික මේ වන විට ඩොලර් මිලියන 4500ක් බවට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් වැඩි පොළියට වාණිජ වෙළෙද පොළෙන් ණය ලබාගෙන ඇති නිසා බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ අද (22) කොළඹ පදනම් ආයතනයේදී පැවති ”ප්රජාතන්ත්රවාදය උදෙසා මාධ්‍යවේදීන්” යන හමුවේදීය.
“මේ වසරේ විදේශ ණය වාරිකය ගෙවන්න ඩොලර් මිලියන 4500ක් සොයාගන්න අපට සිදුවුණා. 2010දී අපි ගෙව්වේ ඩොලර් මිලියන 1900යි. මෙය මෙතරම් වැඩිවෙන්න ප්‍රධාන හේතුව, මහින්ද රාජපක්ෂ මහතා වැඩි පොළියට වාණිජ වෙළද පොළෙන් ණය ගැනීම. මම අභියෝගාත්මකව මහින්ද රාජපක්ෂට කියනවා මේ රජය සමයේ ගත් විදේශ ණය වලින් සියයට හැත්තෑවක් වැයවුයේ මහින්ද රාජපක්ෂ මහතා වාණිජ වෙළද පොළෙන් ගත් ණය ගෙවන්න.
ඔහු එසේ නැහැ කියා සදහන් කරනවා නම් විවෘත වේදිකාවේ මේ ගැන කතා කරන්න මම අභියෝග කරනවා. ඔහු හිටපු මුදල් ඇමති. මම විවෘත වේදිකාවට ඔහුට කතා කරනවා. බරපතල ණය උගුලක තිබියදීත් රාජ්‍ය අංශයේ සෑම ක්ෂත්රයකම වැටුප් වැඩිකරන්න අප යොමුවුණා. පවුලක පොකට් එකට යන සල්ලි වෙනුවට මේ රටේ පවුල් පනස්පන් ලක්ෂක පොකට් එකට ඒ මුදල් ලැබෙන වැඩපිළිවලක් අපි ඇති කළේ”.

popular news
-
Champa Wednesday, 23 October 2019 01:01 AM
හරිම බොල් අභියෝගයක්. කොයි ලෝකෙද ණය ගෙවන්න ණය ගන්නේ? ගත්ත ණය ගෙවන්න ඕනේ රජයේ ආදායමින්. වහල් ආණ්ඩුව මේ අවුරුදු 5 ටම ආදායම් වැඩි කරන කිසිම ව්‍යාපෘතියක් කලේ නැහැ. ඒ වෙනුවට කලේ පුලුවන් තරම් බදු බර ජනතාව පිට පටවපු එක. අනිත් එක තියෙන ණය මදිවට තව ණය ගත්ත නම් රජයේ සෑම අංශයකම වැටුප් වැඩි කල එකත් වැරදියි. ණයට සල්ලි අරන් වැටුප් වැඩි කරපු ලෝකේ එකම රට ලංකාව වෙන්න ඕනේ. ණය ගෙවන්න තව ණය ගත්ත එකෙන් පෙන්නුම් කරන්නේ රජයේ අදූරදර්ශී බව සහ නොහැකියාව.
Reply : 1 32
karuna Wednesday, 23 October 2019 03:13 AM
ඔබ වැනි මිනිසකු මහින්දගේ ප දුවිල්ලක් තරම් වත් වටින්නේ නැත. ඔබට ඕනනම් නාලක ගොඩහේවා හෝ අජිත් නිවාර්ඩ් කබ්රාල් එවන්නම්. ඔවුන් සතුව සියලුම දත්ත ඇත.
Reply : 1 6
nimal Wednesday, 23 October 2019 02:05 PM
මහත්තයෝ මිනිසුන් දැන් ඔය තැටිය අහල අහල ඇහෙද්දීත් නැහුණා වගේ ඉන්නවා. ඔහෙලා ආපු දවසේ ඉඳල කරන්නේ රාජපක්ෂට බනින එක. ඔහෙලා කට්ටිය මහා බැංකුව කොල්ලකාපු ඒවත් කියන්ඩකෝ . ඒ මිනිහ නය අරගෙන වැඩ කලා. ඔහෙලා බයිලා විතරනේ . මහින්ද මහත්තය යුද්දේ නැති කරපු ගැනත් කියන්ඩකෝ. ඔහේලට පරිපාලනයක් නැහැ.අපට හොදට තේරෙනවා . නිකන් කහින් නැතුව ඉන්න ටික දවස ඉන්ඩ. ගොඩක් දුක් වෙන්ඩ වේවි . ගෝඨාට ජය වේවා !
Reply : 0 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

