කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මැදගම සිට පුබ්බාර මාර්ගය හරහා මොනරාගලට එමින් සිටියදී ජීප්රථය පුබ්බාර පන්සල අසල මාර්ගය හරහා ගලායන මන්දපංගුව ඔයේ ඇති සපත්තු පාලමක් හරහා එගොඩට යාමේදී ජීප්රථය ජල පහරට හසුවී ඔයට වැටී ඇත.
ජීප්රථයේ සිටි කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ තිදෙනෙකු දිවිබේරාගෙන ඇත. ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ජීප්රථය එදින රාත්‍රියේදීම ගොඩටගෙන ඇත.
මොනරාගල ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලුණු අතර බොහෝ දිය ආරවල් සහ ඔයවල් පිටාර ගැලිනි.
මෙම අනතුරෙන් කෘෂිකර්ම රාජ්‍ය ඇමතිවරයා සහ ජීප්රථයේ සිටි තිදෙනා දිවි බේරාගෙන ඇත්තේ අනූනවයෙනි.
මොණරාගල නයනජීව බණ්ඩාර