ඇඳිරි නීතිය නිසා දිනකට රු බිලියන 15ක් අහිමි වෙනවා
ඇඳිරි නීතිය ක්‍රියාත්මක දවසකදී අහිමිවන දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 15ක් පමණ වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මේ ව්‍යසනකාරී සමයේ නිවැරදි ආර්ථික කළමණාකරනය සඳහා සාර්ව ආර්ථික සාධක සැලකිල්ලට ගතයුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දුන්නේය.
රට වැසූ විට ආර්ථික ක්‍රියාකාරිත්වය පහත බසින බවත් එවිට දළ ජාතික නිෂ්පාදනය අඩුවෙන බවත් ඔහු පැවැසීය.
“අපේ රටේ ශ්‍රම බලකාය 80 ලක්ෂයක්. ඔවුන්ගෙන් 15 ලක්ෂයක් පමණ රජයේ සේවකයන්. ඔවුනට මාසික ආදායමක් ලැබෙනවා. ඉතිරි පිරිස විවිධ සුළු ව්‍යාපාර , වෙළෙඳාම්, ඉදිකිරීම් වැඩ ආදී කාර්යයන්හි නිරත වෙමින් ආදායම් උපයන අය.
මිනිස් ජීවිත වැදගත්. එසේම ජීවනෝපායත් ඒ තරමට වැදගත්. ජීවිත හා ජීවනෝපාය දෙකම රැක ගැනීමට ආර්ථිකය ආරක්ෂාකර ගැනීම ප්‍රමුඛතාවක්.” යැයි පැවසූ රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා මේ ආපදා සමයේ අවශ්‍ය කැප කිරීම් කරන්නට සියලුදෙනා සුදානම් විය යුතු බවත් ආර්ථිකය අවුල් කිරීමට උදව් නොකළයුතු බවත් අවධාරණය කළේය.
popular news
-
TANA Saturday, 21 August 2021 09:00 PM
Can't you see the dying of innocent people day by day. No value for the lives of them
Reply : 0 0
nirodayana Sunday, 22 August 2021 09:50 AM
vancha karapu biliyana ganan valin kisima balapamak naha neda namuth savabadarmayagen galavimak naha antha asarana dugi duppath janathava naya barin thaba karana lada vancha deviyangen sangava thaba ganimata nohaka amen
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

