අත්‍යාවශ්‍ය සේවා, විදේශීය තානාපති කාර්යාල නිලධාරීන්, විදෙස්ගතව හා විදේශයන්හි සිට ලංකාවට එන පුද්ගලයන්ට තම හැඳුනුම්පත් හා ගුවන් ගමන් ටිකට්පත් භාවිත කරමින් අදාළ ස්ථාන වෙත ගමන් කළ හැකි බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
මේ අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් කරන පුද්ගලයින්ට තම හැඳුනුම්පත හෝ වෙනත් ලියවිල්ලක් භාවිත කරමිින්ද, විදෙස් තානාපති කාර්යාල නිිලධාරීීන්ට තම හැඳුනුම්පත හා වෙනත් ලියවිල්ලක් භාවිත කරමින්ද,විදෙස්ගතවන පුද්ගලයින්ට හා විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින්ට ගුවන් ටිකට්පත භාවිත කරමිින්ද අවශ්‍ය ස්ථාන වෙත ගමන් කළ හැකිි බව පොලීසිය පවසයි.