නිරෝධායන ඇඳිරි නීති කාලය තුළ කිසිදු බලපත්‍රයක් පොලීසිය විසින් නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසා සිටියි.
පනවා ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය බැවින් මේ සඳහා පොලිස් ඇඳිරි නීති බලපත්‍රයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේදී යම් අවශ්‍යතාවයක් සඳහා ගමන් කරන්නේ නම්, ඊට අදාළ ලියකියවිලි පොලීසියට ඉදිරිපත් කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.