ඇතුගල්පුර පිවිසුමෙන් දින තුනට කෝටියක ආදායමක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර (ඇතුගල්පුර පිවිසුම) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු දින 03 තුළවාහන 50,000ක් ධාවනය කිරීමෙන් රුපියල් ලක්ෂ 100ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස පසුගිය 15වැනිදා ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබුණි.
අනතුරුව 16වැනිදා දහවල් 12.00න් පසුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරීම ආරම්භ කෙරිණි. ඒ අනුව 16වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 17වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා වාහන 23,039ක් මෙම මාර්ගයේ ධාවනය වූ අතර, එය මෙම දින තුන තුළ ධාවනය වූ වැඩිම වාහන සංඛ්‍යාව එය වේ. එදින රුපියල් 4,865,500ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටසේ මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල අන්තර්හුවමාරු මධ්‍යස්ථාන පිහිටා ඇත.
popular news
-
Viraj Fernando Friday, 21 January 2022 01:45 AM
Me salli ape rate minissunge salli saha me adayama apita ayithi nathi bawa mathaka tabaganna. Eya wenath ratakata yawiya yuthu bawa kiyanne naththe ai. apiwa hamadama gonata andawanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

