සියඹලාණ්ඩුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් ඇතිමලේ මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ලක බැඳ තිබූ බඹරු වදයක් ඇවිස්සීමෙන් අද (14දා) පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60 දෙනෙකුට සහ විදුහල්පති ඇතුළු ගුරුවරුන් තිදෙනෙකුට බඹරුන් දෂ්ඨකිරීම නිසා ඇතිමලේ රෝහලට ඇතුලත්කර ඇත.
ඔවුන්ගේ තත්වය බරපතල නොවන අතර සවස් වන විට ප්‍රතිකාර ලබා ඔවුන්ට රෝහලින් පිටවීයාමට හැකි බව ඇතිමලේ ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
පාසලේ තෙමහල් ගොඩනැඟිල්ලේ ඉහළම මහලයේ තිබෙන බඹරකූඩුව ඉවත්කරන ලෙස දෙමව්පියන් අවස්ථා කිහිපයකදී විදුහල්පතිවරයාට දැනුම්දී ඇතත් ඊට විසඳුමක් ලබානොදීම නිසා මෙවැනි ඛේදවාචකයක් සිදුවී ඇති බව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන අනුරසිරි සාමසුන්දර මහතා පැවසීය.
මේ පිළිබඳව විදුහල්පති ඩී.එම් චන්ද්‍රපාල මහතාගෙන් දුරකථනයෙන් කළ විමසුමකදී පැවසුවේ මෙය ඉතා සුළු සිද්ධියක් බවත් මාධ්‍යයට තොරතුරු දීමට නොහැකි බවත්ය.
මොනරාගල සුමනසිරි ගුණතිලක