ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව අද දිනය වන විට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වල ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් පවතිනු ඇතැයි ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.