ඇතැම් මන්ත්‍රීවරුන් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නිවාස වලට ගොස් මාස් පතා මුදල් ලබාගෙන ඇති බවත් ඇතැම් අමාත්‍යවරු සංවිධානාත්මක අපරාධකරුවන් තමන්ගේ නිවාසවලට ගෙන්වාගෙන ඇති බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
කෙසේ වෙතත් මෙම අපරාධ රාජ්‍ය අවසන් කිරීමට රජය කටයුතු කරන බවත් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මත්ද්‍රව්‍ය ජාලයෙන් සියයට 50ක් පමණ මෙහෙයවා ඇති බවත් ඔහු පැවැසීය.
"ආර්ථිකයක් කඩා වැටුණට පස්සේ අහිමි දශකයක් කියා තිබෙනවා. අපිට දශකයට අඩු දශකයකින් මේක අඩු කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් ලබන අයවැයෙන් අපි මුදල් වෙන්කරනවා. යළි කෙදිනකවත් ලංකාවේ අර්බුදයක් ඇති නොවන ආකාරයට අපි රට ගොඩනගනවා. ඒ සඳහා යටිතල පහසුකම් වර්ධනය කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. ඒක එක අංගයක් විතරයි.
අපි නීතියේ විධානය ආධිපත්‍ය තහවුරු කළ යුතුයි. තෝරු මෝරු බේරෙන හාල්මැස්සෝ කොටුවන නීතියක් තිබුණා.
කවුරුත් නොහිතපු තැන්වලට, නිතිය ළඟා වෙන්නේ නෑ කියපු තැන්වලට නීතිය ළඟා වෙනවා. කවර බලවේගයකටත්
එය නැවත හරවන්න බෑ. ස්ථාවර රාජ්‍යයක් නිර්මාණය කරන්න අපි සියලු දෙනා නීතියට යටත් කළ යුතුයි.
සංවිධානාත්මක අපරාධකල්ලි මතු පිටින් තියෙන රාජ්‍යයට සමාන කලු රාජ්‍යයක් නිර්මාණය කර තිබෙනවා.
මේ යටිබිම්ගත රාජ්‍ය අපි සහමුලින්ම අවසන් කරනවා. දැනට අත්අඩංගුවට අරන් ඉන්න පිරිස අපේ රටේ මත්ද්‍රව්‍ය
ජාලයෙන් සියයට 50ක් හසුරුවලා තිබෙනවා. සමහර මන්ත්‍රීවරු මාසයේ බදු මුදල ගන්නවා වගේ ගෙරද ගිහින් සල්ලි අරන් තියෙනවා. සමහර ඇමතිවරු මාස් පතා මේ අයව ගෙදරට ගෙන්නගෙන තිබෙනවා. මේක අපි මැඩ පවත්වනවා.
අපි මහජනතාවගේ සතයක් රුපියලක් නාස්ති කරන්නේ නෑ. තවමත් පරණ ඇබ්බැහිවල ඉන්න රාජ්‍ය යාන්ත්‍රණයේ සමහර තැනි තියෙන බව අපි දන්නවා. මේ අයට අලුත් දේශපාලනයට හැඩ ගැහෙන්න ඕන. එහෙම නැත්නම් දාලා යන්න ඕන.
නැත්නම් අපි යවනවා. මේ ජනවාරි මාසයේ නැවත සියයට 30ක වැටුප් වැඩිවීමක් ඉන් පස්සේ නැවත සියයට වැටුප් වැඩිවීමක් අපි කරනවා. ඒක ප්‍රමාණවත් නැති බව අපි දන්නවා.2026 වසරේදි වැටුප් වැඩිවීම් ගෙවන්න රුපියල් කෝටි 11000ක් වැය වෙනවා.