ගම්මාන ආශ්රිතව සැරිසරන ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා අනු කණ්ඩ යෙදවීමට පියවර ගෙන තිබේ. ඊයේ (24) සිට එම වැඩපිළිවෙළ ක්රියාත්මක වෙයි.
එසේ හමුදා අනුකණ්ඩ ආරක්ෂාවට යටත් වන ඇතුන් පහත පරිදි වෙයි.
මහානාම - කුමන, ආරුගම්බේ
කාශ්යප- බූන්දල, වීරවිල
විජයබා - දිගම්පතහා, මින්නේරිය
සුරනිමල - කලාවැව
අග්බෝ - මහකනදරාව
සුමේධ - උඩවලව
සූර්යයා - මහවිලච්චිය, හලාවත
මහාසේන - ලුණුගම්වෙහෙර
දීඝාභය - මහවිලච්චිය
ගජබාහු - යාන්ඔය, වාහල්කඩ හා පදිවිය
වන්නියා - මුලතිව්
මාදුරුඔය සැරිසරන ඇතෙක් (නමක් හඳුනාගෙන නොමැත)