මෙරට ඇතැම් බැංකු කඩා වැටිමේ අවධානනමකට ලක්ව ඇති බවත් සමහර බැංකු අලුතෙන් ගෙඩනැගිය යුතු බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
බැංකු කරුවන්ගේ විශේෂ සම්මන්ත්‍රණයක් ඊයේ (22දා) කොළඹදී අමතමින් ඔහු මේ බව පැවැසීය.
බැංකු නැතිව ආර්ථිකය ගෙනියන්න බෑ. බැංකු ආරක්ෂා කරගන්න ආරක්ෂිත දැළක් අවශ්‍යයි. ඩොලර් නැතිවෙන එකයි බැංකු කඩාගෙන වැටෙන එකයි එකතු වුණොත් ඇතිවන තත්ත්වය පොඩිළමයිගේ සෙල්ලමක් වාගේ වෙයි.මොකද මම කියන්නේ අපේ සමහර බැංක වැටෙන්න යනවා. සමහර බැංකු අලුතෙන් හදන්න වෙනවා.
අපිට තාම අපේ ප්‍රශ්න තියෙන්නේ.ත ලොකෙන් එන ප්‍රශ්න ඇවැති නෑ. හැබැයි දන් ඒකත් එන්නයි යන්නේ. ඉදිරියේදි ආහාර හිඟයක් ඇතිවෙනවා. ලෝකයේ වැඩිම තිරිඟු පිටි ප්‍රමාණයක් ආවේ යුක්රේනය හා රුසියාව වගේ රටවලින්. එහි නිශ්පාදනය දැන් අඩුවෙනවා.
ඉදිරයේදී ඉන්ධන, ආහාර පොහොට ආදී ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.
ආර්ථිකය මෙහෙම ගියොත් මධ්‍යම පංතිය නැතිවී යනවා. වැඩකරන ජනතාව දුප්පතුන් බවට පත්වෙනවා. අපිි මේවන මුහුණ දෙන්න වැඩසටහනක් ඇතිකළ යුතුයි. මෙකෙන් ගොඩ එන්න ආණ්ඩුවේ ස්ථාවර බවක් අවශ්‍යයි. 113ක් තියාගෙන මේ ප්‍රශ්න විසඳන්න බෑ. 175ක් වත් ඕන. කවුරු ආවත් අමාරු තීරණ ගන්න වෙනවා. ජනප්‍රියත්වය අනුව යන්න බෑ.
ගියපාර මැතිවරණයේදී කිව්වා මූල්‍ය අර්බුදයක් එනවා කියලා. අයි.එම්.එෆ්. යන්න ඕන කිව්වා. තිත්ත ඇත්ත කියපු නිසා අපිට ගෙදර යන්න වුණා. අපේ ජනතාව මේක පිළිගන්න ලෑස්ති වෙන්න ඕන. දේශපාලකයන් ඇත්ත කියන්න ඕන. නැත්නම් මෙකෙන් ගොඩ එන්න බෑ.
රටේ ආදායම අඩුවෙලා. මේ අර්බුදයට රට ඇඳ වැටීමට වගකින්න ඕන පුද්ගලික අංශය කියලා මම බය නැතිව කියනවා. මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ජනාධිපතිතුමට ගිහින් කිව්වා ආදායම් බදු ඔක්කොම අඩුකරනවානම් රටේ ආර්ථිකය නැගලා එනවා කියලා. ඉතින් දැන් නැගලා ආවේ නෑනේ.
අද තරුණ තරුණියෝ වෙනත් අය එළියට ඇවිල්ලා ආණ්ඩුව වෙනස් කරන්න ඕන කියනවා. මොකක්ද ඒකට කරන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ හරි තීරණයක් නෑ. සමහරු කියනවා වෙනසක් වෙන්න ඕන කියලා. විපක්ෂයේ සමහර අය, අපි යන්නේ ඒ හඩ එක්ක.
ආණ්ඩුවේ වෙනස් වෙනස් අදහස් තියෙන්නේ. සමහරු කියනවා මෙහෙම ඉමු කියලා. සමහරු කියනවා ජනපති යන්න ඕන කියලා. අනිත් අය කියනවා අගමැති යන්න ඕන කියලා. මෙකේ ස්ථාවර භාවයක් නෑ.
අපි ගන්න ඕනම පියවරක්, ආණ්ඩුව යනවද? වෙනස් කරනවද? ජනතාව පිළිගන්නේ නැත්නම් අපි මේක කරලා වැඩක් නෑ.
භූමියේ යථාර්තය තෝරාගෙන අපි වැඩ කරන්නේ නැත්නම් අපිට මේ කාරණය විසඳන්න බෑ. වෙනසක් ඕන කියලා විශාල කැළඹීමක් තියෙනවා.
විප්ලවකාරි වෙනසක් ඉල්ලන්නේ. ඒකට අපි කන්දෙන්න ඕන. එහෙම නැතව එහෙන් මෙහෙන් මාරු කරන්න ගියාට මේක විසදෙන්නේ නෑ. මාලිගාව ඇතුළේ කුමන්ත්‍රණයක් වැඩක් නැ මහපාරේ තියෙනවා විප්ලවයක්.
විප්ලවය මැදින් තමයි අපේ දේශපාලනය කරන්න තියෙන්නේ.