Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉතාම අඩු අදායම් ලබන අය බවත් ඔවුන් පිළිබඳව තමන්ට කනගාටුවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන වාහන දීමනාව ඇතැම් මන්ත්‍රිවරන්ට ඉන්ධන ලබාගැනීමටවත් ප්‍රමාණවත් නොමැති බව ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය පිළිබඳව ඔහුට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
“වාහන බදු රහිතව මන්ත්‍රීවරුන්ට ලබාදෙන්න තීන්දු කළේ 1977න් පස්සේ. 70 අපි පාර්ලිමේන්තු ගියාම සහනයක් තිබුණා ආණ්ඩුවේ ගබඩාවෙන් පාවිච්චි කළ වාහනයක් මිලදි ගන්න. ඒ තක්සේරු මිලකට.
මන්ත්‍රී වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නෑ ඔවුන්ගේ කටයුතු කරන්න. මන්ත්‍රීවරුන්ට අවශ්‍යයි ගමනා ගමන් පහසුකම්. මන්ත්‍රීවරයෙක් මැදි ආදායම් ලබන කෙනෙක් නම් විශාල මුදලක් වැය කරලා වාහනයක් ගන්න බෑ. ඒ නිසා බදු විරහිත වාහනයක් දුන්නොත් මන්ත්‍රීවරයෙක්ට පුළුවන් ඒ වාහනය ගන්න සමහරවිට බැංකුවකිනුත් ණයක් අරගෙන.
ඔය රාමුව තුළ මුලින්ම තිබුණෙ දේ තමයි වාහන තමන් භාවිත කරනවා හැර විකුණන්න බෑ. කවුරුවත් වාහනය විකුණුවේ නෑ බුක්තිය විකුණුවා. පාවිච්චි කරන්න අයිතිය දුන්නා. මම වාහන රජයේ ගබඩාවෙන් ගත්තා. දෙවැනුව බදු විරහිත වාහනයේ හිමිකම ගත්තා. මම භුක්තිය කෙනෙකුට දීලා මම සල්ලි ගත්තා. ඒ සල්ලි මගේ පක්ෂයට බැර කළා. මට ප්‍රමාණවත් වාහනයක් ගන්න මුදලක් ඉතිරි කර ගත්තා. මම පෞද්ගලික ලාභයක් එකතු කර ගත්තේ නෑ.
අන්තිමට තීන්දුවක් ආවා වාහන වල අයිතිය විකුණනන්ත් ලාභයක් ගන්නත් පුළුවන් කියලා. සමහර මන්ත්‍රීවරු ඉතාම අඩු ආදායම් තිබෙන අය. සමහර මන්ත්‍රීවරුන්ට මට ඉතාම දුකයි ඇත්තටම වියදම මදි. අපිට දෙනවා රුපියල් 50000ක් වාහන වියදම් කියලා, ඒක මදි තෙල්ගන්නවත් ඒ අය එන දුර ප්‍රමාණය බැලුවාම. ඒ අයගේ ජීවිතය අඩු තලයක තිබෙන්නේ. ඒ අය ගැන මට ගොඩක් වෙලාවට දුක හිතෙනවා.”
popular news
MAHINDA WIJEKOON Thursday, 28 February 2019 02:55 PM
වයසට ගියාම මොලේ කචල් වෙනවා . පීඩිත පන්තිය මාරුවෙනවා.මිනිහ ගැන අපි දන්නේ අපි බැංකුවේ 1971 වර්ජනයේදී. මහම කපටියෙක්
Reply : 0 2
Dayan Thursday, 28 February 2019 03:11 PM
අඩු අදායම් නම් වෙන රක්ෂාවක් කරනවල. නිකම් අපේ සල්ලි කන්නේ නැතිව. පසුගිය අවුරුදු හැත්තෑවට මොනවාද අපිට කරලා තියෙන්නේ. රට කාල තමෛ.
Reply : 0 2
gunasena Thursday, 28 February 2019 03:14 PM
දහනායක මහතා ගියාවාගේ වගේ දුම්රිය යොදා ගන්නකො.
Reply : 0 3
Sanath Thursday, 28 February 2019 03:20 PM
එතකොට මොකුත් වරප්‍රසාද රහිතව ඉන්න ජනතාවට කොච්චර අමාරුද කියල තේරුම් ගන්නේ කවදද?
Reply : 0 3
Senarath Bandara Thursday, 28 February 2019 04:19 PM
අනේ මහත්තයෝ ඔයාලට අහිංසක එදාවේල කන්න නැති දුප්පත් මිනිස්සු ගැන කවදද දුක හිතෙන්නේ. එදාට කියන්නකෝ. මෑතකදී රුපවාහිනී නාලිකාවක ජනප්‍රිය සංගීත කණ්ඩායමක නායකයකුවන සංගීත් විජේසුරිය මහතා සමග සාකච්චාවක් තිබුනා.පුලුවන්නම් ඔබතුමාලා ඔක්කොම එක බලන්න.
Reply : 0 2
ගමගේ Thursday, 28 February 2019 04:42 PM
ඉතින් අනිත් රටේ ජනතාව වැඩට යනවා වගේ බස් එකෙන් එන්න කියන්න. අර දහනායක අගමැති වෙලත් බස් එකෙන් තමයි කොළඹ අවේ ගියේ . රට වෙනුවෙන් වැඩ කරන ජනතාව දෙස බැලුවහම මෙයාලට දෙන දීමන කපන්නයි ඕනේ .. මෙයාලට හැදෙන්න මිසක් රටක් ගැන කිසිම අවබෝධයක් ඥානයක් නැති බුරුතු රැලක් .
Reply : 0 4
Champa Thursday, 28 February 2019 05:17 PM
වාහන දීමනාව අවභාවිතා නොකර හිටිය නම් ඔය මුකුත් වෙන්නේ නැහැ. දුර ඉඳන් එන මන්ත්‍රීවරුන්ට රජයෙන් නිවාස දීල තියෙනවනේ කොළොඹ. නැත්ද? දීමනාව දෙන්න ඕනේ duty free ගන්න නෙමෙයි ලංකාවේ වාහනයක් ගන්න. පාර්ලිමේන්තු එන්න කලින් Toyota වගේ වාහන වල ගිය මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ආපු ගමන් ඒවායේ යන්න බැරි වෙනවා. ලොකු ලොකු වාහන ඕනේ වෙනවා. මන්ත්‍රීවරුන්ට දීපු වාහන හෝ බුක්තිය යන දෙකම වෙන මිනිස්සුන්ට විකුණපු හෝ පවරපු එක වැරදියි. එයින් අදහස් කරන්නේ දීපු වාහනේ තමන්ට අවශ්‍ය තරමට වඩා වටින සහ ලොකු වැඩි එකක් කියන එක. දෙනවා නම් දෙන්න ඕනේ සාමාන්‍ය SUV එකක්. ඊට වඩා ලොකු හෝ වටින එකක් ඕනේ නම්, තමන්ට අතින් සල්ලි දාල ගන්න පුළුවන්. නැත්නම් duty ගෙවල ගෙන්න ගන්න පුළුවන්. මන්ත්‍රීවරුන්ගේ වාහන දීමනාව පමණක් නෙමෙයි, සියලු දීමන එකතු කරහම කොච්චර ලැබෙනවද? සමහර මන්ත්‍රීවරු ඉතාම අඩු ආදායම් ලබන අය කියන එකෙන් අදහස් කලේ මොකක්ද? සියලු මන්ත්‍රීවරුන්ට ලැබෙන්නේ එකම වැටුප සහ එකම දීමනා. සත පහක් ලැබෙන රස්සාවක් නැතුව උපාධිධාරීන් මහා පාරේ ඉන්නවා. දරුවන්ට තිබ්බ සේසතම වියදම් කරලා ඉගැන්නල දෙමව්පියොත් මහපාරේ. මේගොල්ලෝ තව ඉල්ලනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd