ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිමකින් තොරව ශ්‍රි ලංකා රේගුවේ නිලධාරින් 2335 දෙනෙකු සදහා වැටුප්,වේතන,අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරිදිමනා වශයෙන් ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් තුන්සිය තිස්නම කෝටි, පනස්අටලක්ෂ, හැටහත්දහස් එකසිය විසි එකක (3,395,867,121) මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
සියලු රජයේ සේවකයින් සිය පැමිණිම සහ පිටවිම සටහන් කිරිම සදහා ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ යුතුය.එහෙත් ශ්‍රිලංකා රේගුවේ නිලධාරින්ට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිමකින් තොරව වැටුප්,වේතන,අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරිදිමනා වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලින් ගෙවා ඇති මුදල රුපියල් දෙසියතිස්කෝටි,අසුහයලක්ෂ,අනුහතර දහස් හත්සිය හෑත්තැහතකි.(2,308,694,777) රේගු අතිකාල නැව්බඩු පිරික්ෂා කිරිමේ ගාස්තු හා තොරතුරු තාක්ෂණ සන්නිවේදන අරමුදල මගින් රුපියල් එකසියඅටකෝටි,හැත්තැඑක්ලක්ෂ,හැත්තැදෙදහස්,තුන්සියහතලිස්හතරක මුදලක් (1,087,172,344) ගෙවා තිබුණි.
මෙම සේවකයන් දිනකට පැය 24ක් දක්වා අතිකාල දිමනා ද ලබා ගන්නා අතර පැමිණිම හා පිටවිම පිළිබද නිසි සනාථ කිරිමකින් තොරව මෙම ගෙවිම් සිදුකරණ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. සියලුම නිලධාරින ඇගිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යෙන්ම භාවිතා කළයුතු බවත්, යම් වැටලිම් අවස්ථාවක් හෝ එවැනි යම් රාජකාරි කටයුත්තක් සදහා සහභාගිවිමට අවශ්‍ය විටෙක ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිම අපහසුවන්නේ නම් ඒ පිළිබද අදාළ බලධාරින් විධිමත් පරිදි දැනුවත් කර සුදුසු පරිදි කටයුතු කළයුතු බවත් 2024.01.24 දින පැවති රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්විමේ දි රේගුව විසින් නිර්දේශකොට තිබුණි.
රේගුව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද