බදුල්ල සිට මීගහකිවුල හරහා ඇකිරිය බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් අද 20 දහවල් මීගහකිවුල ඇකිරිය මොරහෙල මාර්ගයේ යෝධ උඋල්පත ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් කාන්තාවක මියගොස් තුවාල ලැබු 35ක් පමණ මීගහකිවුල සහ බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව අරාව පොලිසිය පවසයි.
බදුල්ල ඩිපෝවට අයත් මෙම ශ්‍රී ලංගම බස් රථය අද (20) පෙරවරු 11.00ට පමණ බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළේන් පිටත්ව මීගහකිවුල ඇකිරිය බලා ගමන් කරමින් තිබූ බවද පොලිසිය කීය .
බස්රථය අනතුරට පත් වන අඅවස්ථාවේ එහි මගින් 40කට ආසන්න පිරිසක් සිට ඇති අතර තුවාලකරුවන් අතර කාන්තාවන් මෙන්ම කුඩා දරුවන් සිටින බවත් පොලිසිය සදහන් කළේය .
මෙම බස්රථ අනතුරින් තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් 18ක් මේ වන විටත් ගිලන් රථ වලින් බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය.
අසාධ්‍ය තත්ත්වයේ පසුවෙන තුවාලකරුවන් කඩිනමින් බදුල්ල මහ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇතැයි රෝහල් ප්‍රකාශයකු කීය.අනතුරින් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ද තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය.
බස්රථයටද අනතුරින් දැඩි ලෙස අලාභහානි වී ඇත.අරාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
ප්‍රසාද් රුක්මාල්
