ආහාර බෙදා හරින්නෙක් චීනයේ ඉහළම සාහිත්‍ය සම්මානය දිනයි
ආහාර බෙදා හැරීමේ රාජකාරි අතරතුර කඩදාසි කැබලිවල සටහන් කළ කවි එකතුවක් වෙනුවෙන්, චීනයේ ඉහළම සාහිත්‍ය සම්මානයක් වන 'ලු ෂුන් සාහිත්‍ය සම්මානය' (Lu Xun Literary Prize) ආහාර බෙදා හරින්නෙක් වන වෑන්ග් ජිබිං විසින් දිනාගෙන තිබේ.
නවීන චීන සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන ලු ෂුන් ලේඛකයාගේ නමින් නම් කර ඇති මෙම සම්මානය, බෙදා හැරීමේ සේවයේ නිරත රියදුරන් දිනපතා මුහුණ දෙන අභියෝග පාදක කරගනිමින් ඔහු රචනා කළ 'Low Flight' (අඩු උසකින් යුත් පියාසැරිය) නම් කවි එකතුව වෙනුවෙන් ඔහුට හිමි විය.
2019 වසර පමණ ආහාර බෙදා හැරීමේ රියදුරෙකු ලෙස සේවය ඇරඹූ 56 හැවිරිදි වෑන්ග්, තම කවි සහ රචනා හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වයට පත් විය.
වෑන්ග්ට මෙම කීර්තිමත් සාහිත්‍ය සම්මානය හිමි වූයේ විවිධ අහඹු රැකියාවල නිරත වෙමින් ගත කළ දුෂ්කර දශක කිහිපයකට පසුවය.
"මම හුස්ම අල්ලාගෙන සිටියා... ඒ වගේම දැඩි ලෙස කලබලයට පත්ව සිටියා... නමුත් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වූ පසු සියල්ල සමනය වුණා," යනුවෙන් වෑන්ග් ජූලි 15 වන දින රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන 'ග්ලෝබල් ටයිම්ස්' (Global Times) වෙත පැවසීය.
තමන් සම්මානය දිනාගත් බවට පුවත වාර්තා වීමත් සමඟ තමා වටා ඇති වූ මාධ්‍ය අවධානය තමාට විශාල මානසික පීඩනයක් ඇති කළ බව ද ඔහු එහිදී සඳහන් කළේය.
'ලු ෂුන් සාහිත්‍ය සම්මානය' ලබන්නන්ට පිරිනමන මුදල් ත්‍යාගය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් නොකෙරෙන නමුත්, 2014 වසරේදී එම මුදල චීන යුවාන් 100,000ක් (ඇමරිකානු ඩොලර් 14,800ක් හෝ බ්‍රිතාන්‍ය පවුම් 11,000ක්) විය.
ජියැන්ග්සු (Jiangsu) පළාතේ උපත ලැබූ වෑන්ග්, නිවසේ පැවති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් නව යොවුන් වියේදීම
පාසල් අධ්‍යාපනය අත්හැර දැමීය. ආහාර බෙදා හැරීමේ සේවකයෙකු වීමට පෙර ඔහු ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියාවල සිට අපද්‍රව්‍ය එකතු කිරීම සහ වීදි වෙළඳාම දක්වා විවිධ රැකියාවල නිරත විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
