ආහාර සම්බන්ධ ප්‍රචාරණය සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි පැනවේ.1980 අංක 26 දරණ ආහාර පණත යටතේ නිකුත්වීමට නියමිත මෙම නව රෙගුලාසි ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධ ප්‍රචාරණ ක්‍රියාවලිය දැඩි නියාමනයකට ලක් කිරීමට නියමිතය.
ආහාර පණත යටතේ පැවති ආහාර ලේබල් කිරීමේ හා ප්‍රචාරණය කිරීමේ නියෝග මගින් ආවරණය වූයේ ආහාර නිෂ්පාදකයින් විසින් සිය නිෂ්පාදිතය සම්බන්ධයෙන් සකස්කරන ලේබලය ආශ්රිත කරුණුය.
එහෙත් නව රෙගුලාසි අනුව තෙවන පාර්ශවයක් හරහා කරන ප්‍රචාරණය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිසි අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කර තිබේ.
වෙළඳ ප්‍රචාරණය නියාමනය හා මගගැන්වීම අරමුණු කරගෙන ආහාර පණත යටතේ මෙසේ සකස්කල රෙගුලාසි රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ දැනටමත් අඩංගු වේ.. එම රෙගුලාසි ඉදිරි මාස හය තුල බලාත්මක කිරීම සිදුවනු ඇත.
මෙම ආහාර රෙගුලාසි ක්‍රියාත්මක වීම මහජනතාවගේ හා පාරිභෝගිකයින්ගේ පාර්ශවයෙන් ලද විශාල ජයග්‍රහණයක් සේ සැලකිය හැකිය. අනිසි ,අනීතික හා ආචාරධර්ම වලට අනුකූල නොවන ප්‍රචාරණය නිසා පාරිභෝගිකයින් නොමග යාම වැලැක්වීමට නව රෙගුලාසි ඓතිහාසික සන්ධිස්ථානයක් වනු ඇතැයි විද්වත්හු පෙන්වා දෙති.