ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය ඉහළම රටවල් අතරින් ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානය දක්වා පහළ ගොස් තිබේ. මෙම දර්ශකයේදී මිට පෙර ශ්‍රී ලංකාව හය වැනි ස්ථානයේ පසුවිය.
ලෝක බැංකුව පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාවේ ආහාර උද්ධමනය සියයට 74ක් බවයි. ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.
මෙවරත් මෙම දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානයේ පසුවන්නේ සිම්බාබ්වේ රාජ්‍යයයි.
