ආහාර බෝග ආනයනය සීමාකොට දේශීය වගා වැඩසටහන් ආරම්භ කිරීම මගින් මෙරට ආහාර සුරක්ෂිතතාවය සහතික කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිධුර අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. දා තඹුත්තේගම නගරයේ පැවැති ජනාධිපතිවරණ ප්රචාරක රැළියක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් මම නිර්මාණය කරනවා. ජනාධිපති කාර්ය සාධක බළකාය තුළින් මේ රටේ හැම ගොවිජන කේන්ද්රයකම ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික සංවර්ධන ඒකකයක් ස්ථාපනය කරනවා.
කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින් පිටරටින් ආහාර භෝග ගෙන්වීම වෙනුවට අපේ ගොවියා ශක්තිමත් කරමින් දේශිය ආහාර භෝග සුරක්ෂිතතාව ඇති කරන බව. ඒ විතරක් නෙමෙයි වී ගොවියා වෙනුවෙන් වී කිලෝවක් සඳහා රුපියල් පනහක සහතික මිලක් ලබාදෙනවා.
පාර්ලිමේන්තුවට පනතක් ගෙනැල්ලා කිසිම ආණ්ඩුවකට වෙනස් කරන්න බැරි විදිහට රුපියල් පනහක සහතික මිලක් වී සඳහා ලබාදෙනවා. මාස 06 ක් ඇතුළත කලාවැව මැතිවරණ කොට්ඨාශයේ අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් ලබාදෙනවා. වැව් අමුණු වලට වැඩි වැඩියෙන් ජලය ගලාගෙන එන විදිහට අපි වාරි පුනරුත්ථාපන වැඩසටහන් නිර්මාණය කරලා රටට බත සපයන ගොවි ජනතාවගේ හිසට කිරුළු පලන්දන යුගය නිර්මාණය කරනවා”
බුල්නෑව ප්‍රදීප් රණතුංග
