ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් කුලිපදනම මත ලබා දි ඇති ගබඩා හා පරිශ්ර 32කින් හිග ගබඩා කුලි වශයෙන් රුපියල් දහනමකෝටි,දෙලක්ෂ හැත්තැපන්දහස් පන්සියහයක මුදලක් (190,275,506) අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
පුද්ගලික අංශයේ ආයතන 15කින් රුපියල් තුන්කෝටි,හැටහයලක්ෂ,තිස්හතරදහස් එකසිය හැත්තැඑකක (36,634,171) මුදලක් හිග ගබඩා කුලි මුදල් ලෙස අයවිමට තිබුණි. ගබඩා 21ක් සදහා රාජ්ය ආයතන 07කින් අයවිමට ඇති මුදල රුපියල් හත්කෝටි, පනස්හත්ලක්ෂ, හැටහත්දහස්, අටසිය අසුවකි. (75,767,880) එමෙන්ම සන්තකය ලබා ගැනිම සහ හිග ගබඩා කුලි අයකරගැනිමට නිතිමය ක්රියාමාර්ග ගෙන ඇති ගබඩා 04ක් සම්බන්දයෙන් අයවිමට ඇති මුදල තුන්කෝටි,හත්ලක්ෂ,පනස්එක්දහස් අටසිය හතලිහකි (30,751,840) .
කුලියට ලබා දි නැවත පවරාගෙන තිබු ගබඩා 27කින් රුපියල් හාරකෝටි හැත්තැඑක්ලක්ෂ,විසිඑක්දහස් හයසිය පහළොවක මුදලක් (47,121,615) අයවිමට තිබුණි. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද