දිවයින පුරා අලෙවි කරන ආහාර වර්ගවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ආහාර වර්ග සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක් සලකා බලා එම තීරණයට එළැඹ ඇත.
එළවළු, පළතුරු, සහල් ඇතුළු එදිනෙදා භාවිතයට ගන්නා සියලු ආහාර නිෂ්පාදන මෙන්ම ඇසුරුම් කළ ආහාර ද මේ යටතේ පරීක්ෂාවට ලක් කෙරේ.