විවාහ මංගල්‍ය නිවසක ආහාර විසවීමෙන් 30 දෙනෙකු අසනීපවී රෝහල් ගත කෙරේ.
මෙම සිද්ධිය මඩකලපුව ආරයන්පති කෝවිල්කුලම්හිදී සිදුවු බව ආරයන්පති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එම් රමේස් පැවසිය.
ඊයේ රාත්‍රියේ ආරයන්පති කෝවිල්කුලම් ප්‍රදේශයේ විවාහ මංගල්‍ය නිවසක 200 දෙනකු පමණ කුකුල්මස් සමග බුරියානි අනුභව කර ඇත. ඉන් අනතරුව මොවුන්ගේ වැඩි පිරිසක් ක්ලන්තය වමනය සහිත උණ හේතුවෙන් ආරයන්පත් දිසා රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.
ආහාර විසවීමෙන් රෝහලට ඇතුලත් කල පිරිසට කාන්තාවෝ හා කුඩා දරුවන් ඇතුලත්ය.
මේ සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අංශය දැඩි විමර්ශනය පවත්වයි.
අද පෙරවරුවේ බලපෑමට ලක් රෝගීන් පැමිණෙමින් සිටින බව ආරයන්පති දිසා රෝහල් බලධාරීන් පැවසිය
මඩකලපුව - ටි.එල් ජව්ෆර්කාන්