ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක්
මැදපෙරදිග ගැටුමෙන් පැන නගින පීඩනය අවශෝෂණය කර ගැනීමට ආර්ථිකයට උපකාර කිරීම සඳහා හා ශ්‍රී ලංකාවේ වෙළඳ හා ආයෝජන ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB)
ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුමක් ලංකාවට අනුමත කර තිබේ.
මැදපෙරදිග අස්ථාවරත්වය හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම සහ ප්‍රධාන විදේශ විනිමය ගලා ඒම් වලට බාධාවීම හේතුවෙන් ඇතිවිය හැකි ගැටලුවලට පිළියම් යෙදිම මෙම මූල්‍ය පහසුකමේ අරමුණයි.
වෙළඳ පද්ධති නවීකරණය කිරීමට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ ආර්ථික කලාපවලට ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන ADB හි වෙළඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන
හරහා අරමුදල් යොමු කෙරේ.
ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකා ව්‍යාපාර පුළුල් කිරීමට, අපනයන වෙළඳපොළට ඇතුළු වීමට සහ කලාපීය සහ ගෝලීය වටිනාකම් දාමයන් තුළට ඒකාබද්ධ වීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහන රැකියා නිර්මාණයට සහ පෞද්ගලික අංශය ප්රමුඛ වර්ධනය ශක්තිමත් කිරීමට ද සහාය වනු ඇතැයි ADB පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
