ආසියාවේ තරුණ නායකයන්ගේ සමුළුව ඉකුත් 25 වැනිදා චීනයේ ගොවන්ජුහිදී ආරම්භ විය. නංෂා දිස්ත්‍රික්කයේ පැවැති මෙම සමුළුව සඳහා ආසියානු කලාපය නියෝජනය කරමින් තරුණ නායකයෝ රැසක් සහභාගි වූහ.
මෙහි ප්‍රධාන දේශනය උප සභාපති, CPPCC ජාතික කමිටු සමාජික, චීනයේ සියලුම කර්මාන්ත සහ වෙළෙඳ සම්මේලනයේ සභාපති Gao yunlong මහතා විසින් පැවැත්වූ අතර, ආසියානු කලාපයේ විවිධ ක්ෂේත්රවල නායකත්වය දරන පුද්ගලයෝ මෙහිදී කෙටි දේශන පැවැත්වූහ.
ඒ අතර මැලේසියාව, කොරියාව, ජපානය, කාම්බෝජය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය, නියෝජනය කරමින් විවිධ ක්ෂේත්රවල කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පුද්ගලයෝ සිටියහ.
මෙහිදී අන්තර් පුද්ගල සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබිණි. මෙම සමුළුව සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතාද සහභාගි වී සිටියේය.
සමුළුව ආරම්භය සනිටුහන් කරමින් සියලු දෙනා පිළිගැනීම සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැති අතර, ඒ සඳහාද විදෙස් තානාපතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
26 වැනිදාද සමුළුවේ දෙවැනි අදියර පැවැත්විණි. ඊයේ (27දා) සමුළුව අවසන් කෙරුණේ පැළ සිටුවීමේ අවස්ථාවකිනි. සමුළුවට සහභාගි වී සිටි සියලු දෙනා අතින් පැළයක් සිටුවීම මෙහිදී සිදු විය.
නවෝද්‍යා පවනි - චීනයේ ගොවන්ජු සිට